ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කරන තෙක් අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මකයි
අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එම අතුරු තහනම් නියෝගය බලාත්මක වීම නොනවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවන තුරු එම නියෝගය ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට සිය ධූර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අභියාචනාධිකරණයේ අතුරු නියෝගය කට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එය බලාත්මක වීම නවතින්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අත්හිටවන තුරු එය වලංගුව පවතී
— Saliya Pieris (@saliyapieris) December 3, 2018
popular news
-
Rocky Tuesday, 04 December 2018 06:08 AM
දැන් සිදුවන්නේ සියලු බලතල මේ පිස්සු වාහේ අතට ගැනීමයි. එවිට ඔහු මහින්දගේ රූකඩයෙක් මෙන් නිසැකවම ක්‍රියාත්මක වේවි! රටට හෙන ගැහුවත් මුන්ට කමක් නැහැ. එකම අරමුණ රට හූරගන කන එක. ඒකම තමයි, පොහොට්ටුව්න්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒකම සේවය!
Reply : 1 3
මුණසිංහ Tuesday, 04 December 2018 07:30 AM
මහත්තයෝ මේ ප්‍රශ්න වලටත් උත්තරයක් දෙන්න. දැන් රටේ ක්‍රියාත්මක විධායක ජනාධිපති ධුරය විතරයි. අභියාචනාධිකරන තීන්දුව දෙනතුරු අගමැති හෝ ඇමති මණ්ඩලයක් නැහැ. අලුතින් පත් කරන්නත් බැහැ. දැන් රනිල්ව අගමැති වෙන්න තිබුනු සිහිනය අධිකරනයෙන්ම නවත්වලා නේද? 7 දා පාර්ලිමේන්තුව විසුරුවීමේ තිරණය ස්ථිර කලොත් මොකද වෙන්නේ? දැන් තියෙන්නෙ ලංකාවේ නියම රාජාණ්ඩුවක් නේද? විධායක ජනාධිපතිකම නොමැති වුනේ නම් දැන් ඇතිවන තත්ත්වය මොකක්ද? විධායක ජනාධිපති ධුරයේ වැදගත්කම පේනවද? මෙවට ජනතාව දෙන උත්තරය ඔබලාට හිතකර වෙන එකක් නැහැ. ජනතාවගේ නිහඩතාව හරිම භයානකයි!
Reply : 7 0
nihal Tuesday, 04 December 2018 10:26 AM
උසාවි ගියාට වැඩක් නෑ. නඩුකාරයො ඉන්නෙ 9. දැනට එයින් 7ක් නඩු අහනවා 7 වෙනිදා වෙනකම්. අවම 3ක් ඕනෙ නඩුව අහන්න. ඒ නිසා 8 වෙනිදා වෙනකම් මහින්දලාට තහනම් නියෝගයක් ගන්ඩ වෙන්නෙ නෑ. 8 සිකුරාදා. 11 තමා නඩුවට යම් තීරනයක් ගන්න ආසන්නම දිනය වෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
