ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
ඉදිරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්වූහ.
