ශ්‍රී ලංකා වෘත්තියවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ දි පැවැත්වුණි.
"තිරසර ජාතික සංවර්ධනයේ දී වෘත්තිකයන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර, දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය සිදු කරන ලදී.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හොඹවා ඇති නේස්බි සාමිවරයා මෙම සමාරම්භක සැසියේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ආදි විවිධ ස්ථානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ නේස්බි සාමිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
