ශ්රී ලංකා පාකිස්තාන තරගය අද
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්රී ලංකාවට ඉතිරි තරග දෙකෙන් එක් ජයග්රහණයක් ප්රමාණවත්ව ඇති පසුබිමකදී
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවිමට නියිමිතය.
මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ. අද තරගය ශ්රී ලංකාව ජයගත හොත් පාකිස්තානය සමගින් ශ්රි ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.
අද තරගය ශ්රි ලංකාව පරාජය පත්වුවහොත් අනිද්දා එංගලන්තය සමගින් පැවැත්වෙන තරගය ජය ගැනීම හරහාද ශ්රී ලංකාවට අවසන් මහ තරගයට ක්රීඩා කිරිමට අවස්ථාව හිමිවෙයි යම් හෙයකින් එම තරගයද ශ්රී ලංකාව පරාජය වුවහොත් එංගලන්තය හා ශ්රි ලංකාව අතර දළ ලකුණ ප්රමාණයෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
නවතම ලකුණු සටහනට අනුව, පාකිස්තානය අඛණ්ඩව ජයග්රහණ තුනකින් ලකුණු හයක් ලබා පෙරමුණ ගෙන සිටින අතර, ශ්රී ලංකාව තරග දෙකකින් එක් ජයක් වාර්තා කොට ලකුණු දෙකක් ලබා දෙවැනි ස්ථානයේ සිටී. එංගලන්තය තමන් සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව ලකුණු සටහනේ පහළම ස්ථානයේ පසුවෙයි.
මේ වන විට පාකිස්තානය ශුද්ධ ලකුණු අනුපාතය 0.949ක්, ශ්රී ලංකාව -0.348ක් හා එංගලන්තය -0.733ක් රඳවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

