ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ තරගයට වර්ෂාව හේතුවෙන් බාධා ඇතිව තිබේ.
පස්වරු 2.30ට කාසියේ වාසිය සළකා බැලීමට නියමිතව තිබුණත් එයද මේ දක්වා සිදුව නොමැත. යම් හෙයකින් අද තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්විමට නොහැකිවුවහොත් කණ්ඩායම් දෙකකටම එක් ප්රසාද ලකුණ බැගින් හිමිවිමට අවස්ථාව තිබේ.
