ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ යාමේ ලක්ෂණ පෙනෙනවා - ලොට්ෆි කිබොවා
ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවෙමින් පවතින යටිතල පහසුකම් හා කාර්මික දියුණුව හේතුවෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉතා ඉහළ අගයකට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ලොව ප්‍රකට ප්‍රංශයේ ඇක්සෙන්චර් උපදේශන (Accenture France) සමාගමේ අධ්යක්ෂ ලොට්ෆි කිබොවා මහතා පැවසීය.
හෙතෙම මෙසේ පවසා සිටියේ, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයට අදාල ආයෝජන අවස්ථා පිළිබඳව සොයාබැලීමේ අරමුණින් දිවයිනට පැමිණ සිටින 15 දෙනෙකුගෙන් යුතු ප්‍රංශ දූත පිරිස හා පැවති මෙම සාකච්ඡාව පසුගිය 06දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ඔහු පෙන්වාදී ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින යටිතල පහසුකම් හා ඊට සාපේක්ෂව සිදුකෙරෙන කාර්මික දියුණුව දෙස අවධානය යොමුකිරීමේදී නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉතා ඉහළ අගයකට පත්වීමේ ලක්ෂණ පෙනෙන්න තිබෙන බවත්, ඒ අනුව, ප්‍රංශ ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය වීමට මෙය ප්‍රධානතම හේතුවක් වී ඇති බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

