ශ්‍රී ලංකාවේ සුනඛයන් ලක්ෂ 30
ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30 (තිහකට) ආසන්න ප්‍රමාණයක් සිටින බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක එල්.ඩී.කිත්සිරි මහතා සඳහන් කලේය.
රත්නපුර නගරයේ පැවැති “ජලභීතිකාවෙන් තොර හෙටක්” ජාතික ජලභීතිකා මර්දන වැඩටහනට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.
වාර්ෂිකව සුනඛයින් 61000 පමණ වද සැත්කමට ලක්කරන බවත් ඒ සඳහා මේ වසරේදී රුපියල් ලක්ෂ 1000 (දහසක්) පමණ වැය වී ඇතැයි හෙතම පැවසීය.
මේ වසරේදී බල්ලන් සපා කැමට ලක වු මිනිසූන් දෙලක්ෂ පනස්දහසකට ජලභිතිකා එන්නත ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3500 (තුන්දාස් පනසියක්) පමණ මුදලක් වැය වූ බව වෛද්‍ය එල්.ඩී කිත්සිරි මහතා මෙහිදී පැවසීය.
ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා බල්ලන් ලක්ෂ 12 (දොලහකට) රුපියල් ලක්ෂ 500 (පන්සියයක්)පමණ මුදලක් මෙම වර්ෂය සදහා වැයවූ බවද හෙතම පැවසීය.
ජලභීතිකා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙම වර්ෂයේදී විසි හයක් පමණ වූ බව එ මහතා පැවසීය.
වැඩිම බලු ගහනයක් ඇති පළාත බස්නාහිර පළාත බවත් අඩුම බලුගහනයක් ඇති පළාත වනුයේ නැගෙනහිර පළාත බවත් ඔහු පැවැසීය.

popular news
-
samson de silva Monday, 30 December 2019 02:36 PM
මෙම දත්ත වැරදියි. මට ආරංචි අන්දමට ලක්ෂ 69ක් ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

