ශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බිත්තර මිලියන 200ක් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019 දත්ත වාර්තා අනුව එම අමාත්‍යාංශය මෙම තොරතුරු දැනුම්දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය නොකරන බවත්, මාලදිවයිනට පමණක් බිත්තර අපනයනය කරන අතර, මාසිකව බිත්තර 467,000ක් එලෙස අපනයනය කරන බවත් එම අමාත්‍යාංශය පවසයි.
කුකුළු ගොවිපළවලින් 40෴ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේත්, පුත්තලම, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලත් 25෴ක් පිහිටන බවද එම වාර්තාවේ දැක්වේ.
සතුන් 1,000කට අඩු කුඩා පරිමාණ ගොවිපළක බිත්තරයක නිෂ්පාදන පිරිවැය 2019 මාර්තු මාසයේදී රුපියල් 14.60ක් වන බවත්, සතුන් 25,000ට වැඩි මහා පරිමාණ ගොවිපළවල බිත්තරයක පිරිවැය 12.60ක් වන බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.
2019 මාර්තු මාසයේදී සුදු බිත්තරයක තොග මිල රුපියල් 14.50ක් ලෙසත්, රතු බිත්තරයක තොග මිල රුපියල් 15.50ක් ලෙසත් සටහන් වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එසේම ශ්‍රී ලංකා රේගුව විසින් 2017 පෙබරවාරි නිකුත් කර ඇති අංක 2/2017 දරන නියෝගය අනුව කුකුළු කර්මාන්තය සඳහා භාවිත කරන උපකරණ හා කුකුළු ආහාර සඳහා ආනයනය කරන ආහාර ද්‍රව්‍ය නිදහස් කර තිබෙන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
