ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ ගැටලුවක් නෑ
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ණය ගෙවීම කිසිම දිනක පැහැර හැර නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව 2019 වසරේ ගෙවීමට තිබෙන ණය ගෙවා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ලබන වසරේදී කල් පිරීමකට ලක්වෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වන ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර සඳහා මුදල් ගෙවීමට සූදානම් බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.
popular news
-
rocky Thursday, 22 November 2018 01:14 PM
චීනෙන් තවත් ණයක් ගහල ශේප් කර ගන්න බැරි ය!
Reply : 0 1
Champa Friday, 23 November 2018 05:43 PM
මොකක්ද මේ කියන්නේ? අර යක්කු ආර්ථිකය මනාව පාලනය කරලා කියන එකද? හර්ෂ කියන්නේ බිලියන් 5 ගානක් ඕනේ කියල නය ගෙවන්න. එච්චර සල්ලි තියෙනවද? රනිල් 2015 ආපු ගමන් කිව්වා නය ගෙවන්න සල්ලි නැහැ කියලා. ඔබතුමා 2018 ආපු ගමන් කියනව සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා. හොඳටම විශ්වාසද ඔය කියන කතාව? නය ගන්නේ නැතුව නය ගෙවන්න පුළුවන් කියලා? දැන් ඔහොම කියන කොට මිනිස්සු හිතයිනේ අර යක්කු හොඳට ආර්ථිකය හසුරුවලා කියලා. එක එකාගේ ලනු කන්න එපා. කතා කරන කොට කල්පනා කරලා කතා කරන්න. දන්නවද හිටපු ජනාධිපතිතුමා, ඔබ ඔය කරන්නේ අවුරුදු 4ක් තිස්සේ සිරිසෙනයි රනිලුයි කරපු පාවා දීම්, වංචා, අවිචාර වැඩ ඔක්කොමගෙන් එවුන් දෙන්නම නිදහස් කරන එක. කොටින්ම ඔබ අවුරුදු 4ක් තිස්සේ ගොඩ ගැහිලා තිබ්බ සිරිසේනගෙයි රනිල්ගෙයි කිළුටු රෙදි හෝදනව. ඇත්තටම තේරෙන්නේ නැත්ද? සිරිසෙනයි, JO සහ SLPP පිරිසකුයි අර බූරු 16 පිලයි එකතු වෙලා ඔබෙන් වැඩ ගන්නව කියලා යමපාලන ආණ්ඩුවේ වැරදි හෝද ගන්න? ඔබ ඔය කරන්නේ සිරිසෙනයි රනිල්වයි සුද්ධ කරන එක. ඔක්කොම එකතු වෙලා ඔබව කැත විදිහට පාවිච්චි කරනවා කියල තේරෙන්නේ නැත්ද? ඊළඟ ජනාධිපතිවරණෙ කිට්ටු වෙන කොට තේරෙයි ඔබට ඇත්තටම හිතවත් කියේ
Reply : 0 0
Champa Friday, 23 November 2018 05:51 PM
දන්නවද හිටපු ජනාධිපතිතුමා ඔබට මුදල් ඇමතිකම දුන්නේ ආදරේට කියලද හිතන්නේ? සිරිසේන ලෝකේ කාල වතුර බීපු වෛරක්කාරී මිනිහෙක් ඉස්සරහ ඔබ හුඟක් අහිංසකයි. ඔබ අසරණ නැහැ. ඔබේ හිත හයියයි. නමුත් ඒ ගතුතුන තියෙන මිනිහෙක් එක්ක ඔබට එකට යන්න බැහැ
Reply : 0 0
sinhayo balu wena Saturday, 24 November 2018 09:45 AM
අපි බයිලා ගැහුවට, මහබැංකුවේ තියෙනවා හම්බන්තොට විකුණලා ඉතුරු කොටසක්. එකයි රාජ්‍ය බැංකු උගස් තියල ගන්න නයකුයි එකතු කරලා මේ අවුරුද්දේ ගෙවන්න තියෙන පළමු නය වාරිකය ගෙවනවා බැංකු වලට කෙල උනාම මයේ මොකෝ එක රටේ ඉන්න හරක් ටික බල ගනී
Reply : 0 0
තර්ස්තයා Sunday, 25 November 2018 11:20 AM
කව්රුත් බයවෙන්න එපා , චීනෙට මොනවා හරි විකුනන්න පුළුවන් . විකුණලා කාව හරි අල්ලන්නත් බැරිය . මෙච්චර දවසක් කලෙත් එකනේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

