ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලිම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මන්දිරයේදි රජයේ මැති අමැතිවරුන් හමුවු අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ජා කිරිමටද සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
