ශවේන්ද්‍ර සිල්වාගේ පත්කිරීමට UNHRC ප්‍රධානීගේ කනස්සල්ල
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරිම ගැටලුකාරී තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් පවසන්නීය.
ඇය සඳහන් කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාව එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය උල්ලංගණය කිරීම් පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි.
“ලුතිනන් ජෙනරාල් සිල්වාගේ උසස්වීම මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සන්දර්භය තුළ යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිඳ දමයි” යැයි ඇය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.
ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වසරේ මාර්තු මාසයේදී පත්කළ විටද ඒ වෙනුවෙන් සිය කනස්සල්ල පළ කිරීමට මිෂෙල් මහත්මිය කටයුතු කළාය.

popular news
-
Deepal Nirosh Tuesday, 20 August 2019 01:54 PM
මේ විරෝධතා ඒතරම් ගණන් ගත යුතු නැහැ. හැබැයි දැන්වත් අපේ ඇත්තන්ට රටට විධායක ජනාධිපති ධුරයක අවශ්‍යතාවය තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මේ වගේ වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය වරයෙකුට රටේ ආරක්ෂාවට හා පරිපාලනයට වැදගත් තීරණ ගන්න බැහැ.
Reply : 0 0
Nandana Tuesday, 20 August 2019 02:55 PM
අපේ රටේ වැඩ අපි බලාගන්නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

