ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරග තුනිකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
එම කණ්ඩායමේ උපනායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර ශම්මු අසාන්, කමිඳු මෙන්ඩිස් හා චරිත් අසලංකද සංචිතයට නම්කර ඇත.
ආබාධයකට ලක්ව සිටි අසේල ගුණරත්නද නැවත කණ්ඩායමට කැඳවා ඇත.
තරගාවලියේ පළමු තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි හෙට (09දා) පැවැත්වීමට නියමිතය. දෙවැනි තරගය අගෝස්තු 11 දා දඹුල්ල පිටියේදීමත්, තෙවැනි තරගය අගෝස්තු 14 දා එස්.එස්.සී. පිටියේදීත් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සදීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න (උපනායක), ශම්මු අශාන්, චරිත් අසලංක, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, නිශාන් පිරිස්, ශෙහාන් මධුශංක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

