ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නමි කර තිබේ.
ආරොන්ච් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 14ක් ඇතුළත් වී තිබේ.
මෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. ඊට අමතරව ඩේවිඩ් වෝනර්ද කණ්ඩායමට ඇතුළත් වී තිබේ.
තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 27 දා ඇඩිලේඩ් පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භවීමට නියමිතය.
දෙවැනි තරග 30 දා බ්‍රිස්බේන් හිදීත්, තෙවැනි හා අවසන් තරගය නොවැම්බර් 01 දා මෙල්බර්න් පිටියේදීත් පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියා සංචිතය - ආරොන්ච් ෆින්ච් (නායක), ඇස්න් අගාර්, ඇලෙක්ස් කැරේ, පැට් කමින්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩෙර්මොට්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, බිලී ස්ටෑන්ලේක්, මිචෙල් ස්ටාක්, ඇශ්ටන් ටර්නර්, ඇන්ඩෘ ටයි, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

