වොහාරික විගණන වාර්තාව විශේෂඥ වාර්තාවක් බවත් එහෙත් එය කොටස් වශයෙන් නිකුත් කිරිම වැරදි බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති හා එ.ජ.නි.සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.
මෙකි සම්පුර්ණ වාර්තාව ජනතාවට ලබාදිය යුතු බවත් සම්පුරණ වාර්තාව පරිශිලනය කිරිමේන් අනතුරුව මේ සම්බන්ධව මතයක් ප්‍රකාශ කළහැකි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“රජයක් විදියට නීතිපතිවරයාගේ ස්වාධින ක්‍රියාකලාපයට ඇඟිලි ගහන්න මැදිහත් වෙන්න නියෝග දෙන්න නීතිපතිවරයා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිපදෙනෙක් හා වෙනත් කණ්ඩායම් ඉදිරියට ගෙනවිත් අර විදියට කරන්න මේ විදියට කරන්න කියලා රජයට බලකරන්න බැහැ. පසුගිය රජය කරපු දේවල් අපි කරන්න සුදානම් නැහැ. ගත්තු තින්දුව පිළිබඳ රටේ යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවානම් අද නීතිඥ ප්‍රජාව යම් විරෝධතාවල නියෙලනවා. යම් තින්දුවක් සම්බන්ධව ඒ සම්බන්ධව නැවත සලකා බලන්න කියන ඉල්ලිම රජය හැටියට පුරවැසියන් හැටියට අපිට කරන්න හැකියාව තියෙනවා. නමුත් ඇඟිලිගහන්න මෙහෙම කරන්න අරවිදියට කරන්න කියන්න බැහැ. අපි විශ්වාස කරනවා රටේ නීතිපතිවරයා ස්වාධිනව රටේ නීතියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඔවුන්ගේ කටයුතු ඉටුකරාවි කියලා. ඒ විශ්වාසය ජනතාව තුළ ආරක්ෂා කළ යුතුයි.
අද වි ඇත්තේ හඬ ප්‍රශ්නයත් එක්ක රටේ ජනතාව තුළ ජනතාව අතර අධිකරණය පොලීසිය හා අනිකුත් රාජ්‍ය ආයතන ගැන විශ්වාසය බිද වැටිමක් තියෙනවා. එවැනි මොහොතක හැම ආයතනයක්ම හැම නිලධාරියෙක්ම බෝහෝ පරික්ෂාකාරිව වගකිමෙන් බුද්ධිමත්ව තින්දු තිරණ ගත යුතුයි.
මේ රටේ තියෙන්නේ ස්වාධින අධිකරණයක් එන නිලධාරියෙකුගේ දෙදෙනෙකුගේ මේ රටේ අධිකරණය ස්වාධින නැහැ. සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසය තියන්න බැහැ කියලා තිරණය කිරිමට උත්සාහ ගන්න එක රටට එරෙහිව කරන කටයුත්තක් කියලා අපි තෙරුම්ගත යුතුයි. නමුත් මොන ආයතනය හෝ විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයේ නීතියට පටහැනිව කටයුතු කරපු කරන යම් අයෙක් ඉන්නවානම් ඔහුට විරුද්ධව නිත්‍යානුකුල පියවර ගැනිම මේ මොහොතේ හැමදෙනාගෙම වගකිම වෙනවා. නැතිනම් පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරිම අපහසුවිය හැකියි.
භාණ්ඩමිල පාලනය කිරිම සදහා මේ රජය ගත් පියවර මෙතරම් කඩිනමින් ගත් රජයක් නැහැ. ආණ්ඩුව ඇවිත් සති දෙකක් තුල වි වලට සහතික මිලක් තින්දු කළා. නමුත් එළවලු මිල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සහල්මිල වැඩිවිම පිළිබඳ අපි දකිනවා. පසුගිය අපේ රජය කාලයේ අපි වවමු රටනගමු වැටසටහන යටතේ හැම ගෙදරකම වගා කළා යහපාලන රජය ඒ සදහා නායකත්වය ලබාදුන්නේ නැහැ. වවන්න හදන මනස හැදුවේ නැහැ. වැවිමට අවශ්‍ය පහසුකම් දුන්නේ නැහැ. ඒ නිසා තමයි රට මේ තත්ත්වය පත්වෙලා තියෙන්නේ. මේ සියල්ල පසුගිය රජය කාලයේ සැලසුමක් නැතිව වැඩකිරිමේ ප්‍රතිපලයි . අද සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. තව මාස කිහිපයක් යනවිට මේ ප්‍රශ්න සියල්ලට සැලසුම් සහගත විසඳුම් ලැබෙනවා. ඒ වගකිමෙන් රජය මිදිලා නැහැ. එළවලු ටික සහල්ටික ලාභයට ගන්න සතොස විවෘත කොට තියෙනවා. ජංගම රථ ක්‍රියාත්මක වෙනවා.
බැදුම්කරහොරු අල්ලන එක ගැන කිසිදු ප්‍රමාදයක් නැහැ. නමුත් අපි රජයක් හැටියට ඉතා පැහැදිලිව කියන්න ඕන රජය මැදිහත්වෙලා නඩු දමන්න හෝ නඩු නොදාන්න රජය මැදිහත්වෙලා මොන මොන නඩුවලට ප්‍රමුඛත්වය දෙනවාද යන්න තිරණය කරන රජයක් නෙවෙයි මේක . රජයට කියන්න පුළුවන් බැදුම්කර මගඩිය සම්බන්ධ කටයුතු කළහැකි උපරිම වේගයෙන් ඉටුකරන්න කියන එක. බැදුම්කර මගඩිය පිළිබඳ ප්රශ්නය ආරම්භ කළොත් අපි ඇසුවෙත් අපි. ඒ වෙනුවෙන් අපි මැදිහත් වුනා ඉදිරියටත් ඒ කටයුතු සිදුවෙනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
