සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙම තීරණය පිළිබඳව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් ඉන් පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.
