වෛද්‍ය සාෆි යළි සේවයේ පිහිටුවා නෑ - රතන හිමි
ජාතික ජන සංහාරයක් වැනි ක්‍රියාවක් කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහරෝහලේ නාරිහා ප්‍රසව වෛද්‍ය සාෆි සිහබ්දින්ව නැවත සේවයේ පිහිටුවා ඇති බවට සමාජ ජාලාවල පළවන පුවත් අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ගර්භිණි කාන්තාවන් විශාල පිරිසක් වන්දභාවයට පත් කළ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනටමත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් කිසිලෙසකින් වත් ඔහුට අදාළ වන නඩු විභාග ආදිය නවතා දමන්නට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
ඊයේ (11) කැඳවා තිබු මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රතන හිමියෝ මේ බව පැවසුහ.
මෙහිදි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට එරෙහිව රාජ්‍ය සේවා කොමිසන් සභාව මඟින් පරික්ෂණයක් කරන බවත් ඒ යටතේ සෞඛ්‍ය සේවා කොමිසන් කමිටුව කටයුතු කරන බවත් එම කමිටුව මඟින්වත් කිසිම ලෙසකින් ඔහු නිදෙස් කොට සේවයේ පිහිටවනු ලබන බවට සඳහන් කිරිමක් සිදු කර නොමැති බවත් උන්වහන්සේ මෙහිදි පැවසුහ.
වර්තමාන ජනාධිපතිතුමාගෙන් හෝ ඊට ආදාළ බලධාරින්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ මිට ආදාළ විධිමත් පරික්ෂණයක් සිදු කරමින් මිට සම්බන්ධ වුවන්ට දැඩි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට යැයි උන්වහන්සේ මෙහිදි වැඩිදුරටත් පැවසීය.

-
Kumar Sunday, 12 January 2020 08:59 PM
ඔබවන්සේ සිතන හැටියට මෙ වෛද්‍යවරයා කල ඇති වරද ගැන කියල දෙනවද. වෛද්‍ය කරුණු ගැන දන්නා උගතුන් ඔබ වහන්සේ කියන දෙයට "එහෙමයි" කියන්න සුදානම් නැහැ. දත් දොස්තරලා මෙ ගැන මොනවද දන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

