සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27දා) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරයා මේ වන විට අයථා වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ප්‍රශ්න කරයි.
මේ අතර ඔහු සිසේරියන් සැත්කම් කළ මව්වරුන් වඳභාවයට පත්ව ඇත්දැයි සෙවීම සඳහා අද දිනයේදී පරීක්ෂා පැවැත්වීමට නියමිතව තිබේ.
ගීතාංජලී ප්‍රියදර්ශනී
