රැස්විමකදි සිදුකළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද ( 04) ඉවත් විණි.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම පෙත්සම් විභාගයෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය කල් තැබු අතර පෙත්සම් විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට පෙත්සම ලබන 14 වැනිදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉදිරියේ කැඳවීමට නියම කළේය.
සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමමේ වගඋත්තරකරු වශ්‍යයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කොට ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකාර විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 2017 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ කොටුවේ පැවති රැස්විමක් අමතමින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු පවසා ඇතැයි සඳහන් කළේය.
එහෙයින් මෙම පෙත්සම විභාග කොට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුට දඩුවම් පමුණුවන්නැයි පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන 14 වැනිදා කැඳවීමට නියම කළේය.
