වෛද්‍යවරයෙකු මත්පෙති අලෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් සහ පානදුර (උතුර) පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහය ද සමග පානදුර (උතුර) පොලිස් වසමේ ගාලු පාර, පල්ලියමුල්ල, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
ගොරකාපොළ, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පමණ පානදුර රජයේ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන යන ලද පානදුර නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී හෙරොයින් මත් ද්‍රව්‍ය සදහා හුරු වූ මත් ලෝලීන් හට එම මත් ද්‍රව්‍ය මෙම දිනවල දී සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මානසික රෝගීන් සදහා ලබා දෙන ලද මෙම මත් පෙති ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කරමින් සිටිය දී නීති විරෝධී මත් පෙති 20,030 ක් සමඟ අත්අඩංගුවට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර (උතුර) පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම මත් පෙති ලබාගැනීම සදහා පැමිණ සිටි තරුණයන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද මත් පෙති වල වටිනාකම රු. ලක්ෂ තිහකට අධික වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

