වේගය වැඩි බස් ගැන 1955ට කියන්න
අධික වේගයෙන් ගමන්ගන්නා බස්රථ පිළිබඳ 1955 දුරකථන අංකයට ජනතාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
අදාළ වරද සිදු කරන බස් රථ රියදුරුගේ සේවය මාස 03කට අත්හිටුවිය හැකි නීති තිබෙන බවත්, කොමිසමට ලැබෙන පැමිණිලි විභාග කරගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම කොමිසමේ සභාපති ජනිත මල්ලවආරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරමින් තිබෙන බවත්, රිය අනතුරක් සිදු වූ පසු මරණයක් සිදුවුවහොත් අදාළ රියදුරුගේ රිය බලපත්‍රය අවලංගු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

popular news
-
MAP Hemachandra Wednesday, 07 August 2019 03:55 PM
මෙීවා කොන්ඩෙ බැඳපු චිනුන්ට. මීටරයක් නැතිව කොහොමද වෙීගය මනින්නේ බස් මගියා. බොරැ ශෝබන එපා සභාපතිතුමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

