2018 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 දක්වා ‘වෙසක් සතිය’ ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ‘දැමුණු සිත සුව ගෙන දේ’ යන තේමා පාඨය මුල් කරගනිමින්, ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ඵෙතිහාසික දේවගිරි රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.