චීනයේ වූහාන් නුවර සිටි ශ්රී ලංකික සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය මත්තල සිට කටුනායක ගුවන් තොටුපළට අද පස්වරුවේ පැමිණියේය.
මෙම ගුවන් යානය ඒ- 330 - 243 වර්ගයේ එයා බස් ගුවන් යානයකි. මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වීමෙන් පසු ගුවන් යානය විෂබීජ නාශක දියර යොදා පිරිසිදු කර, ගුවන් යානය තුළ විශබීජ හරණය කිරීමෙන් අනතුරුව ගුවන් යානය පැය 03 ක් වසා දමා තිබුණි.
ඉන් අනතුරුව ගුවන් යානය දහවල් 12.48 ට මත්තල ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ අතර , එය පස්වරු 1.15 ට කටුනායක ගුවන් තොටුපළට ළගා විය.