විස ශරිර ගත කර ඇතාගේ දළ කපා ගෙන යයි
නවගත්තේගම මොරගහවැව කුරුදුවැටිය වැවේ විස ශරිර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වනජීවි නිලධාරීන් පවසයි.
වයස අවුරුදු 15 ක් පමණ වු මෙම ඇතා අඩි 7 ක පමණ උසකින් යුක්ත බවත් කිසියම් විසක් ශරීර ගතවි මෙම ඇතා මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද (25) දහවල් සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයේදී සනාථ කර තිබුණි.
මෙම ඇතාට කිසියම් පළතුරු හෝ වෙනත් ආහාරයක් සමග වස මිශ්‍ර කර කෑමට ලබා දී ඇති බවත් ඉන්පසුව දැඩි ලෙස අසාධ්‍යව වැව් පිටියට පැමිණ එහිදි මරණයට පත්වන්නට ඇතැයි වනජීවි නිලධාරීන් පවසති.
ඇතා කුරුදුවැටිය වැවේ මරණයට පත්ව සිටියදී කිසියම් අයකු දළ යුගලෙන් එක් දළක් කපා ගෙන ගොස් ඇති බවත් අනෙක් දළ ඇතාගේ සිරුරට යටවි පස් තුළට කිදා බැසිම නිසා කැපිමට හැකිවි නොමැති බවද වනජීවි නිලධාරීන් පවසති.
වනජීවි පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා විසින් මරණ පරික්ෂණය පැවැත්විමෙන් පසුව ඇතාගේ සිරුර වැව් පිටියේ මිහිදන් කිරිමට කටයුතු කිරිමට වනජීවි නිලධාරින් කටයුතු කරමින් තිබුනී.
පුත්තලම - හිරාන් ප්‍රියංකර


popular news
-
JOSEP Wednesday, 25 September 2019 04:45 PM
. සතෙකුටවත් ඉන්න නැති..බෞද්ද රට ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

