පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් 19 ක් හෙට දින (19) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලැයිස්තු ගත කර ඇත .
මෙම විශේෂ පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇති අතර එම පෙත්සම් හෙට පෙරවරු 10 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේ දී සලකා බැලීමට නියමිතය .
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , විනිසුරු බුවනෙක අලුවිහාරෙ , විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතය .
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා මේ වන විට සමගි ජනබලවේගය , ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් කිහිපයක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත .