විශ්‍රම වැටුප් 2800 සිට 20000 දක්වා වැඩිවෙයි
ජුලි මස සිට පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන බවත් ඒ අනුව රජයේ විශ්රාමිකයෙන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 අතර අගයකින් වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනය කරයි.
2019 අයවැය යෝජනා අනුව මෙම විශ්‍රාම වැටුප් වැඩිවීම සිදු කෙරෙයි.
ඒ අනුව 2015/12/31ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500000ක පමණ වැටුප් විෂමතා මේ හරහා ඉවත් වෙනු ඇත.
කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් 2800කින් විශ්‍රාම වැටුප් වැඩිවන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 20000කින් වැඩිවීමට නියමිතව තිබේ.
මෙම විශ්‍රාම වැටුප් වැඩිකිරිම සඳහා රජය අයවැය මගින් රුපියල් මිලියන 12000ක් වෙන්කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.


popular news
-
Jayalal Chandrasiri Sunday, 16 June 2019 04:26 PM
107% ඉන් 2020. එ ඇරේ නොට් ඉදෙඅට්ස්ටො වොටේ යෞ එෂ්පෙක්තිඞ් this. ජුල්ය් ව්හිච් යෙඅර් ව්හට් percentage. දෝ නොට් ප්ලය් වෙර්බල් games.
Reply : 10 0
Don Sunday, 16 June 2019 07:36 PM
පන්සල් ඒම තහනම් කල විශ්‍රාම වැටුප් ලබන විහාරාධිපතිතුමන්ලා මංගලට දාපු තහංචි ඉවත්කරාවී.
Reply : 0 0
ලසන්ත Monday, 17 June 2019 01:49 PM
මෙම චක්රලේඛයෙන් කරල තියෙන්නේ පිටිපස්සේ සිටිමින් දකුණු පැත්තේ සාක්කුවේ තිබුන රුපියල් 3500 ක් අරගෙන තවත් එයට ආසන්න ගණනක් එකතුකරල වම්පැත්තේ සාක්කුවට දමපු එකයි.ඒවාගේම විශ්‍රාම යද්දී වැටුප් වර්ධකයක් ගැනීමට දින ගණනක් මදිවූවිට උපයාගත් වැටුප් වර්ධකය කියල කොටසක් එකතුකර තිබුනා ඒකත් කපාහැරල තියෙනවා.එයිනුත් මසකට රුපියල් දෙතුන්සියයක් අහිමි වෙනවා.කොහොම වුනත් ලිපිකාර සේවය කළමණාකරණ සේවය කල අවස්ථාවේ අධිශ්රෙණියේ සිටි අයට සිදුකල අසාධාරණය මෙයින්වත් ඉවත්කර නැහැ.මෙහි තවත් බොරුවක් කියනවා.එනම් 2015 ට පෙර විශ්‍රාම ගිය අයට වැටුප් සකස්කලේ 6/2006 චක්රලේඛයෙන් වුවත් කියන්නේ 15/2015 යටතේ කියල.මේ අනුව 2015 ට පෙර අයට 5/2015 යටතේ වැටුප් හදන්න හැකියාවක් තිබුනේ නැහැ කියන්න වෙනවා මෙම වැරදි ප්‍රකාශය නිවැරදි කරත්වා
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

