වියළි කාලගුණ තත්ත්වයන් සමග විදුලි ඉල්ලුම 6% - 8%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා විදුලිය අරපරිස්සමින් භාවිත කරන ලෙසත් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
ජලවිදුලි නිෂ්පාදනය 25%ක් දක්වා පහත වැටී තිබෙන අතර, නොරොච්චෝලේ බලාගාරයෙන් සමස්ත විදුලියෙන් 40%ක් ලබාදෙන බවත්, ඉතිරි විදුලි ප්‍රමාණය තාප විදුලි බලාගාරවලින් නිෂ්පාදනය වන බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් දිනකට ගිගාවොට් පැය 40 - 42 අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, එහෙත් මේ වනවිට විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය හතළිස් පහ ඉක්මවා තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම අඩු වී තිබෙන හෙයින් ජල විදුලි නිෂ්පාදනය 25% දක්වා අඩු වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.