විභාගය අවසන් වී නිල් ගසාගෙන අත්අඩංගුවට
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරුණු බව පැවසෙන සිසුන් දෙදෙනෙකු අද (12දා) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
සමාන්‍ය පෙළ විභාගය අද (12දා) අවසන් වීමෙන් පසු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුසිසුවියන් තම නිලඇඳුම්වලට කිසියම් වර්ණකයක් (නිල්) ගසාගැනීම හේතුවෙන් හිඟුරක්ගොඩ පොලීසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර තිබිණි.
මෙම සිද්ධියට මුල් වූ බව පැවසෙන සිසුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව තරයේ අවවාද කර එම සිසුන් දෙමවුපියන්ට බාරදීමට පොලීසිය කටයුතු කර තිබේ.
අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුසිසුවියන් කලහාකාරී ලෙස හැසිරීම සහ පාසල් දේපොළවලට හානි සිදුකිරීම වැළැක්වීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගේ ඉල්ලීම පරිදි විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට කටයුතු කර තිබිණි.
එලෙස මුර සංචාරයේ නිරතව සිටි හිඟුරක්ගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම තත්ත්වය පාලනය කර සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
හිඟුරක්ගොඩ පියතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

