විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් ආරක්ෂා වීමට යති
නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන් සඳහන් කළේ මේ වාර්තාව අනුව කටයුතු කිරීමේදී පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ රටේ පවතින නීතිය අනුව කටයුතු කරන ලෙසයි.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ සභා ගර්භය තුළ සිදුවූ සිදුවීමට පොලීසියෙන් පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බවයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දඬුවම් දීමට කථානායක කරු ජයසූරිය මහතාට බලයක් ඇති බවද ඔහු සඳහන් කළේය.
කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පොලීසිය කරන පරීක්ෂණ සඳහා මැදිහත්වීමක් සිදුනොකරන බවයි. එය වෙනමම පරීක්ෂණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Champa Friday, 22 February 2019 03:46 PM
කරපු දේ වැරදියි. හැබැයි නඩු දාන්න බැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වුනු දේවලට දෙන දඬුවම තීරණය කරන්නේ කතානායක මිසක් නීතිපති නෙමෙයි. මේකට නඩු දාන්න නීතිපතිට බලයක් නැහැ. ඉස්සෙල්ලම බලමු කවුද මේකට වැරදිකාරයා කියල. ප්‍රශ්නේ ඇති වුනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය ගැන දැන දැනම ඊට ප්රතිවිරුද්ධව වැඩ කරන්න ගිහින් අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම. එක තැනකදී ජනාධිපතිවරයා කිව්වා පොහොට්ටුව කිව්වා කියලා හිටපු ජනාධිපතිතුමාට බහුතරය තියෙනව කියල. අන්තිමට කතානායක, පාර්ලිමේන්තුව සහ පොලිසියත් මේ අර්බුදයේ වින්දිතයන් වුනා. වැරදිකාරයන්ගේ list එක අරන් බලපුවහම පේනවා ඒකේ හැම පක්ෂෙම මන්ත්‍රීවරු ඉන්නවා කියලා. දැන් මේකට දඬුවම් දුන්නම ලංකාව දෙවෙනි පාරටත් අපකීර්තියට පත් වෙනවා. ඒ මොකොද මේක වෙච්ච වෙලාවේ ජාත්‍යන්තර මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්න. ඒ හින්ද රට ගැන හිතල මේක මෙතනින් නතර කරන්න. කඩපුවට ගෙවන්න කියන්න. තුවාල කරපු පොලිස් නිලධාරීන්ට වන්දියක් ගෙවල වෙච්ච දේට කනගාටුව ප්‍රකාශ කරන්න කියන. කතානායකතුමාට පුළුවන් තමන්ගේ මහත්මා ගතිය නැවත වරක් ලෝකයාට පෙන්වන්න. වැරදිකාරයන් තමන්ගේ මහත්මා ගතිය පෙන්වන විදිහ ගැන රටම බල
Reply : 3 2
GAMAGE Sunday, 24 February 2019 05:20 AM
ඕක වැරදි පුර්වාදර්ශයක්.පොලිසියේ රාජකාරී වලට බාධා කිරීම් තුලින් දඬුවම් ලැබිය යුතු වරදක් මොවුන් විසින් කර ඇති බැවින් සාමන්‍ය නීතිය යටතේ දඩුවම් ලබාදිය යුතුයි.නීතිය හමුවේ සැම පුරවැසියෙකුම එක හා සමානවේ.පාර්ලිමේන්තු වාර ප්‍රසාද වලට මුවාවී ඕනෑම පහත් වැඩක් කිරීම ඉදිරියේදී සිදු නොවීමට නම් මේ සඳහා දැඩි දඬුවම් ලබාදිය යුතුමය.කතානායක වරයා දඩුවම් ලබාදිය යුතු කොටසක් මෙකී වරදවල ඇති අතර පොලිස් නිලධාරීන්හට මිරිස් කුඩු හා පුටු වලින් දම ගැසීම එයට අයත් නොවන බව සඳහන් කල යුතුයි.ලෝකය හමුවේ අප රට අපකීර්තිමත් කිරීම මොවුන් සැම විටකම සිදු කරන බැවින් මොවුන්ගේ පැටිකිරිය ලෝකයෙන් සැඟවීමට අලුතෙන් උත්සහයක් දැරිය යුතු නැත.එසේම දේශපාලකයා සිදු කරන වැරදි සඳහා පුරවැසියන් වන අප සුදු නොගෑ යුතුය.
Reply : 0 0
ranjith Sunday, 24 February 2019 03:26 AM
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී ඕනෙම කුපාඩි වෙඩක් කරන්න පුලුවන්ද මේක පුදුම රටක් මේ අවස්ථාවේ රජය හරියට කෙලින් කටුතු කරන්නේ වෙනවා නෙතිනම් පාර්ලිමේන්තුව විහිළුවක් වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

