විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමඟ එකතුවෙන්න සුදානම්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කලකිරි සිටින බවත් ඔවුන් ඉදිරියේදි ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ ගනු ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර විලියම් ගොපල්ලව මාවත හිරැස්සගල සිට මහනුවර දක්වා කොටස පුළුල් කර සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරිමට මහනුවරට පැමිණි අවස්ථාවේදිය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ මොහොතේදි පක්ෂ නායක තනතුරු බේරා ගැනිමේ උත්සාහයක නිරතව සිටින බවය.
“විපක්ෂය මන්ත්‍රීවරු දැඩි කළ කිරිමෙන් සිටින බවත් ඔවුන් පාර්ලිමේන්තු ලොබියේ කරන කතාබස්වලින් පැහැදිලි වෙනවා. විපක්ෂය ගෙන යන පිස්සු වැඩපිළිවෙල තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ ක්‍රියාත්මක ආණ්ඩුව කිසි ලෙසකින් හෝ පෙරළා දැමිය නොහැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් තේරුම් අරන් තිබෙනවා. සුළු පක්ෂ නායකයින් දැන් ආණ්ඩුව සමඟ එකතුවෙමින් කටයුතු කරමින් ඉන්නවා. විපක්ෂය දැන් කැලි කැලි වලට කැපිලා ඉන්නේ. විපක්ෂයේ ලක්ෂ 55ක් ඇතුළත ඉන් බහුතරයක් ඉන්නේ දැන් අපිත් එක්ක යැයි” ඔහු පැවසීය.
popular news
-
Rocky Friday, 29 October 2021 12:36 AM
Wehi kaaleta penena Heena!!
Reply : 0 0
era Friday, 29 October 2021 03:33 AM
Maru vikal veema
Reply : 0 0
asdeen Friday, 29 October 2021 05:07 AM
mohu inne wenama lokaye. Thamange kottaseya gihin blanna, aanduwagena
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

