විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තේරිමේ බලය ඇත්තේ මටයි - මහින්ද
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය තමන්ට දි ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසෙ පැවසුවේ අද (10) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්විමක් අමතමිනි.
පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කළ හිටපු මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්විම පැවැත්විණි.
රටේ විනය පිරිහ ඇති මේ අවස්ථාවේ විනයගරුක රටක් බිහි කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
පටු දේශපාලන අරමුණු මුල්කර ගනිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකින්ම පීඩාවට පත්වන්නේ ජනතාවයැයිද මෙහිද පෙන්වා දුන් විපක්ෂනායකවරයා ආණ්ඩුව සිතාමතාම ජාතික ආගමික වශයෙන් බෙදිමක ඇති කිරීම සඳහා පියවර ගනිමින් තිබෙන බවද කීවේය.
ජනාධිපතිවරණය අත ළඟ තිබෙන අවස්ථාවක පළාත සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමුකිරීම පිටුපස යටිඅරමුණක ඇතැයි සැක සිතන බවද සඳහන් කළ විපක්ෂනයකවරයා, ආණ්ඩුවේ යටි අරමුණු පරාජයකරමින් පවත්වන ඕනෑම මැතිවරණයකින ජය ගැනීමේ හැකියාව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ඇතැයිද සඳහන් කළේය.

popular news
-
Dayan Wednesday, 10 July 2019 04:22 PM
එහෙම උනත් අපේ චන්දෙ නැතුව එම අප්ක්ෂකයා කොහොමද ජනාධිපති වෙන්නේ?
Reply : 0 0
Nandana Wednesday, 10 July 2019 04:52 PM
අපේක්ෂකයා ඔබ තේරුවට ,ජනාදිපතිවරයා තෝරන්නේ අපි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

