විපක්ෂයක් වශයෙන් අපි ආණ්ඩුව කරන සෑම දෙයකටම විරුද්ධ වන්නේ නැහැ
අපි විපක්ෂයක් වශයෙන් ආණ්ඩුව කරන සෑම දේටම විරුද්ධ නොවන බවත් රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන දේ සඳහා අපිට සහයෝගය ලබා දිය හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා ඒ බව පැවසුවේ අද (17) පෙරවරුවේ කුරුණෑගල කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සිවු වන ප්‍රාදේශිය සමුළුවට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා,
පාස්කු ඉරු දින ප්‍රහාරයට සියලුම ජාතින් විරෝධය පාන අතර එම ප්‍රහාරය කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. එම සිද්ධිය නිසා අපි රටක්, ජාතියක් වශයෙන් ආපස්සට ගියා. එවැනි සිද්ධින් ඇති වුණේ ලෝකයේ සෑම තැනම අන්තවාදීන් ඉන්න නිසා. ලංකාවේ අන්තවාදින්ගේ ක්‍රියාව නිසා අවුරුදු දහස් ගණන් අප අතර තිබුණ සුහදතාවය නැති උනා. අපි සියලුදෙනාම එකතු වී කටයුතු කිරිමෙන් ඒ සුහදතාවය නැවත ඇති කර ගත හැකියි.
සංස්කෘතික වශයෙන් අපේ අනන්‍යතාවයන් රැකගෙන අනෙක් සංස්කෘතින්ට ගරු කරමින් කටයුතු කල යුතුයි. සෑම පාසලකම අන් ආගමිකයින්ට අවස්ථාව ලබා දීමට කතා උනා. නමුත් එහෙම බැරි පාසලුත් තියෙනවා. ආනන්ද, නාලන්ද, සහිරා හා සෙන්ට් තෝමස් වැනි පාසල්. ඒ පාසල් ගොඩනැගීමේදී ඇති කර ගත් නීති නිසා. කුඩා කාලයේ සිටම එකිනෙකා අතර සම්බන්ධතාවය ගොඩනැගිය යුතුයි. එමඟින් එම සම්බන්ධතාව රට තුළත් වර්ධනය කළ හැකියි. ජාතින් අතර සම්බන්ධතාවය ගොඩනැගිය යුතුයි.
මුස්ලිම් ප්‍රජාවට මේ සඳහා විශාල කාර්යයභාරයක් තියෙනවා. මෙම ත්‍රස්තවාදය මර්දනය කිරීමට ඔවුන්ගේ දායකත්වය දිය යුතුයි. ආරක්ෂක අංශ විසින් කෙටිකාලීනව මේ වන විට සාර්ථකව මෙම ත්‍රස්තවාදය මර්දනය කර තිබෙනවා. දිර්ඝ කාලීනව මෙය මර්දනය කිරීම සඳහා එම ප්‍රජාවගේ සහයෝගය ලබා දිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය හා ආගමික නායකතුමන්ලාද, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී නාවින්න, රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල, පාර්ලිමේන්තුවරුන් වන සාලින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්. එම් ෆවුසි, අලි සහිර් මවුලානා යන මහත්වරුද ප්‍රදේශිය දේශපාලන නායකයින් හා රාජ්‍ය නිලධාරීන්ද එක් විය.
කෂිනි හපුආරච්චි

popular news
-
Sidath Iddamalgoda Tuesday, 18 June 2019 05:09 AM
මොකද නැත්තේ හැම හොද දෙයටාඉ, නරකටෛ මොනවා හරි කියවනවා
Reply : 0 0
ලසන්ත Tuesday, 18 June 2019 06:42 AM
ආනන්ද නාලන්ද මෙන්ම රත්නපුර සුමන බාලිකාව අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් වහන්සේ ආරම්භ කලේ රත්නපුර බෞද්ධ දැරියන්ට බෞද්ධ පාසැලක් නොතිබුන නිසා .නමුත් එයටත් දැන් කණකොකා හඬපුබවක් දැනෙනවා.
Reply : 0 0
Champa Tuesday, 18 June 2019 10:08 AM
දෙමල/මුස්ලිම් ත්‍රස්තවාදය ඇති කලෙත්, වර්ධනය කලෙත් පෝෂණය කලෙත් ජාතිවාදී දෙමල/මුස්ලිම් දේශපාලකයන්. 2015 ජනාධිපතිවරනෙට ඔබට උදව් කරන්න නම් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඉල්ලුව මුස්ලිම් දේශපාලකයන්. ඔබ ඒකට එකඟ වුනේ නැති නිසා ඔවුන් හංසයාට පක්ෂ වුනා කියල ඔබ ඒ දවස්වල කිව්වා. TNA ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. අපි කතා කරන්නේ දෙමල මුස්ලිම් "දේශපාලකයන්" ගැන. ඔවුන්ව සුද්ධ කරන්න හදන්න එපා. මුස්ලිම් දේශපාලකයන් හැමවිටම කලේ ආණ්ඩු බලය ලැබෙන පැත්තට හේත්තු වෙලා ඔවුන්ගේ කොන්දේසි වලට අවනතව ආණ්ඩුව පාලනය කිරීම. TNA එකත් දෙමල චන්ද වෙනුවෙන් භයානක ඉල්ලීම් ඉදිරිපත් කරනවා. ඒකට සිංහල දේශපාලකයෝ කිසි කතාවක් නැතුව එකඟ වෙනවා. දශක ගානක් තිස්සේ මේ රටේ ජනතාව ඕක දැක්ක. ඔය සෙල්ලම ආයේ දකින්න මිනිස්සු කැමතිත් නැහැ. කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ලංකාවේ ඊළඟ ජනාධිපති පත් වෙන්න ඕනේ සිංහල බෞද්ධ චන්ද වලින්. සාමාන්‍ය දෙමල/මුස්ලිම් ජනතාවට තමන් කැමති කෙනෙක්ට චන්දෙ දෙන්න පුළුවන්. ඒක තවදුරටත් අපිට අදාළ නැහැ. මේ වතාවේ සිංහල බෞද්ධයන් ඉස්සරහට එන්න ඕනේ රටේ නායකත්වය ගැන තීරණයක් ගන්න. නැත්නම් අනාගතේ අපට රාජ්‍ය බලය අහිමි වෙන්නත් පුළුවන්.
Reply : 0 0
shan Tuesday, 18 June 2019 10:24 AM
apata waasi nam nihadawa innawa apata kelawena ekaknam redi nathuwa kagahanawa ane mahinda api nodanna ubala oka gihin kiyapan urekuta
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

