විපක්ෂනායක මහනුවරට
අද දින (23) පෙරවරුවේ ශ්‍රී දළඳා මාළිගාව වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය මහින්ද රාජපක්ෂ මහතා මල්වතු විහාර පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තේය.
ඉන් පසුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තේය. මෙහිදී අදහස් දැක්වූ අනුනාහිමියන් ඔබතුමා 30 වසරක් තිබූ යුද්ධය අවසන් කළා. ලංකාවෙම පාරවල් හැදුවා. පන්සල් හැදුවා. ඔබතුමා ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයකින් ඉන්නේ. එම නිසා ඒ ගැන මනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව අනු නාහිමියන් පැවසීය.
විපක්ෂ නායකතුමන් ගැටඹේ රාජෝපවනාරාම විහාරය වෙතද ගොස් විහාරාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී අදහස් දැක්වු සිරිවිමල නාහිමියන් මේ වනවිට රට විනාශ වී පවතින බවත් එයින් ගොඩා ගැනීම සඳහා සියලු වාද භේද අමතක කර සියලුම භික්ෂූන් වහන්සේලා එක් වී කටයුතු කළ යුතු බව පැවසීය.


popular news
-
lion Monday, 24 June 2019 07:07 AM
නුවර වහල පුතාල කාර් rase යනොකොට අප්පච්චි කොහෙද හිටියේ .ඔය්හේ ඉන්න කලේ නුවර එනකොට මුළු නුවරම වහනවා .අපිට පාරක යන්න නැහැ .අනේ කරුණාකර තොලොන්චිවෙලා යන්න අපේ ඇස් වලට නොපනි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

