විපක්ෂනායක කාර්යාලය හා නිල නිවස මහින්දට නෑ

සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇති බව %අද^ට වාර්තා වේ. ඒ අනුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අදාළ කාර්යාලය හා නිල නිවස අහිමිවීමේ තත්ත්වයක් උදාවී තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග %අද^ට සඳහන් කළේය.
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කර, එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් %අද^පුවත්පතට ප්‍රකාශ කළේය.
එම තත්ත්වය යටතේ රටේ විපක්ෂනායක හිමි කිසිදු වරප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි නොවන බවද ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
මුනසිංහ Friday, 04 January 2019 11:01 AM
මූ ලගදීම අරලිය ගහ මන්දිරය අල්ලගෙන මම තමයි අගමැති කියල කියන්න බැරි නැහැ. මේවට යූඑන්පීය වග කියන්න ඕන-කොටි රෙද්ද පල්ලෙ දාගෙන ඕන දහ ජරා වැඩක් කරන්න ඉඩ දීල ඉන්නවා.
Reply : 4 2
Champa Friday, 04 January 2019 11:36 AM
කියන්න දේකුත් නැහැ ඇත්තටම. ඒ මොකොද කිව්වා නම් මහින්දලා දැන් මෛත්‍රීගේ දැලේ පැටලිලා හින්ද. TNA එකට මෙච්චර හයියක් දෙන්නේ රනිල්ද? මම හිතන්නේ නැහැ. ගේම යනව ඇත්තේ යටින්. හිටපු ජනාධිපතිතුමාට නම් මම හිතන්නේ විපක්ෂ නායකකමත් වැඩක් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. දයාසිරිට මහ ලේකම්කම දුන්නේ වෙන අරමුණකින් වෙන්න ඕනේ. දයාසිරි කියන්නේ විපක්ෂේ ඉන්න කැමති මිනිහෙක් නෙමෙයි. ඊළඟට කියයි මහ ලේකම්ගේ මතය ජාතික ආණ්ඩුවක් හැදීම කියලා. එතකොට විපක්ෂනායකකම ආපහු TNA එකට දීල මෛත්‍රී හොඳ මිනිහ වෙනවා. එක ගලයි කුරුල්ලෝ කීයද? මෛත්‍රී කවදාවත් මහින්දට හොඳක් කරන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් 2014 අග ඉඳන් පෙන්නලා තියෙන ගතිගුණ හැටියට තනිකරම කළු චරිතයක්. මෛත්‍රී 2015 මහින්දට කරපු දේ සාමාන්‍ය ගති තියෙන මිනිහෙක්ට කරන්න බැහැ. ඒ මොකොද ඕනෙම මිනිහෙක්ට හෘද සාක්ෂියක් තියෙනවා. තමන් කලේ වැරැද්දක් කියලා හිතෙනවා නම් හිතෙන්න තිබුනේ ඒ දවස්වලම. දැන්කරන්නේ බොරුවක්. මෛත්‍රී එක්ක මෙච්චර තරහ මොකොද? මහින්ද අමතක කලත් මෛත්‍රී එයාට කරපු දේ මිනිස්සුන්ට අමතක කරන්න බැරි නිසා. මහින්ද මෛත්‍රීගේ ලනු ගිලිනවට කේන්ති ගියාට කරන්න යුතුකමක් තියෙනව. ඒ හින්ද ඉවසන්
Reply : 1 1
Deepal Nirosh Friday, 04 January 2019 02:09 PM
ඔය කාර්යාල නිවාස නැතුවට කමක් නැහැ මහත්තයෝ, ඔබතුමා ඔව්ව ද ඒ කාලෙ භුක්ති වින්ඳෙ? කරුණාකරල එබ ඇතුළු සන්ධානය කට ඉඳගෙන ගෙන එන 20වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරල දෙන්න. මේ වෙලාවෙ මහජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ එයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

