විනයගරුක රටක් ගොඩනගන්න හොඳම මඟ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිමයි
සියලූ ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැ`ගීමට දැයේ සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, තඹාල අල් හිලාල් මුස්ලිම් විද්‍යාලයේ නව තෙමහල් විද්‍යාගාර ගොඩනැ`ගිල්ල සිසු අයිතියට පවරාදිමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.
රට තුළ ජාතින් වශයෙන් බෙදී වෙන්වී ගැටුම් ඇතිකරගතහොත් කිසිඳු ජන කොටසකට යහපතක් සිදු නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ සියලූ ජනකොටස් සහෝදරත්වයෙන් සහ සාමයෙන් ජීවත්වන සංවර්ධන වැඩපිළිවෙකට තමා කැප වී සිටින බව ද කියා සිටියේය.
පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 280ක් වැය කරමින් තඹලා අල් හිලාල් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු කි‍්‍රයාකාරකම් නිරික්ෂණය කළේය.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.
උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතාද විදුහල්පති ඒ.වහබ්දීන් මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
waruna Saturday, 29 June 2019 12:31 PM
විනය ගරුක රටක් හොද අද්යාපන යකින් පමණක් කල නොහැක. පවුල , ආගම හා සමාජයත් බලපානවා. රටේ නායකයෝ හැටියට ඔබලාගේ විනයත් බලපානවා. ඔබ තුමලගේ විනයක් නැතිව කොහොමද රටක් හැදෙන්නේ.
Reply : 0 3
Priyantha Sunday, 30 June 2019 08:40 PM
සම්පූර්ණ ඇත්ත.හොදම උදාහරණය ඔබම තමා වෙන කවුරුත් ඕන නෑ.
Reply : 0 38
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

