විධායක නිලධාරීන් ලෙඩ නිවාඩුවකට සැරසෙයි
රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධයපා මෙම මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
මීට සමගාමීව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
පසුගිය වසරේදී නීති ක්ෂේත්රයට වැටුප් ඉහළ දැමීමට සාපේක්ෂව විධායක සේවාවලට වැටුප් ඉහළ දැමීමට කටයුතු නොකිරීම විධායක සේවාවලට දැඩි වැටුප් විෂමතාවක් ඇති වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම ගැටලුව විසඳන ලෙස පසුගිය වසරේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කළ බවත්, ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක් පත්කළ බවත් නිමල් කරුණාසිරි මහතා පැවසීය.
අදාළ කමිටු වාර්තාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයාට භාරදී තිබුණද, එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළ බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
අප්පුහාමි Monday, 02 September 2019 07:07 AM
මෙම අයට පසුගිය වසරේත් රුපියල් පනස්දාහක වැඩිවීමක් දුන්නානේද.මේ ක්රියාවේ තියෙන්නේ දේශපාලන අරමුණක්.හේතුව වන්නේ 1994 සිටම බඳවා ගත්තේ දේශපාලන හිතවතුන් නිසා.මම එහෙම කියන්නේ විභාගයෙන් සමත්වූවන්ට සම්මුඛ පරීක්ෂනයේදීත් ලකුණුදෙන ක්‍රමයක් ඇතිකර එමගින් පත්වීම් දුන්න නිසා.(සම්මුඛ පරීක්ෂනයේදී ලකුණ දෙන ක්‍රමය 1992 දී ප්‍රේමදාස ජනපති විසින් ඉවත්කර තිබින) ඒඅතර උත්තර පත්‍රවල ලකුණ හිතවතුන්ට මාරුකල බවටත් පසුගිය කාලයේ ආරංචි පැතිරුනා.තවත් කියනවානම් පැරණි ක්‍රමයට සීමිත විභාගය පැවැත්වූ වසරේ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත්වූ .........නායක මහතා ඇතුළු 6 දෙනාම සමත්වීමද පෙන්වන්න පුළුවන්.මෙහිදී විරෝධතා ඇතිවුවත් විමර්ෂන කලේද හිටපු කොමසාරිස් බව කිවයුතුය .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

