විධායක ජනපතිධුරය අහෝසි කිරිමට මගේ අකමැත්තක් නෑ - ජනපති
විධායක ජනපතිධුරය අහෝසිකිරිම තමා සතු දෙයක් නොව එය පාර්ලිමේන්තුව සතු දෙවක් බව ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (21දා) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
" විධායක ජනපතිධුරය අහෝසි කිරිම මගෙ අතේ තිබෙන දෙයක් නෙමෙයි. එය සභාව තීරණය කළ යුතුයි. සභාව ගන්න තීරණයට මම එකඟයි. විධායක ජනපතිධුරය අහෝසි කිරිමට මගේ අකමැත්තක් නෑ. "

popular news
-
Don Thursday, 21 February 2019 07:36 PM
ජනාධිපතිවරණයට අපේක්ෂක භංගත්වය නිසා දැන් ජනාධිපති ක්රමය නැතිකරන්න කමතියිලු
Reply : 0 0
chathuri Thursday, 21 February 2019 10:13 PM
නැවත ජනාදිපති. වෙන්න. ආසද . දැන්ම. පටගන්න. බලය නැතිකරන්න. හොරු අල්ලන්න. සෙවල හලන්න
Reply : 0 0
Champa Thursday, 21 February 2019 10:47 PM
එක එක දවස් වලට එක එක ඒවා කියනවා. මේ කියන්නේ තමන්ට ඊළඟ ජනාධිපති ධූරය අපේක්ෂකත්වය දුන්නේ නැත්නම් ජනාධිපති ධූරය අහෝසි කරන්න යූඑන්පී එක motion එකක් ගෙනාවොත් ඒකට සහයෝගය දෙනවා කියලා. කරුණු දෙකක් කියන්න ඕනේ. එකක් යූඑන්පී එක ආයේ මෛත්රීව විශ්වාස කරයිද කියල දන්නේ නැහැ. දෙවෙනි එක මහින්ද හිතනවා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා ඊට පස්සේ චන්දෙන් තමන්ට විධායක අගැමති වෙන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නැහැ. ආපහු 2015 වගේ වෙනවා. මම කියන්නේ අවසාන චන්ද ප්රතිඵලයට ඉසීල්ල පැය 4ක් විතර ප්රතිඵල නැවතිලා තිබිල පස්සේ ප්රතිඵල එනවා යූඑන්පී එක දිනුව කියලා. 2015 පවතී තත්ත්වය එහෙමමයි. වෙනසක් වෙලා නැහැ. ඒක වෙනස් කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ල. අනික මෛත්රීයි රනිලුයි අං පටලව ගත්තට, මෛත්රීගේ වැඩි බර තියෙන්නේ යූඑන්පී එකට කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා. උදාහරණයක් විදිහට සජිත්ට ජනාධිපතිවරණයක් දිනන්න බැහැ. ඒ හින්ද ජනාධිපති ධූරය අහෝසි කරන එකට කැමති වෙයි. රනිලුත් අන්තිමේ compromise කරයි යූඑන්පී එකට දිගටම පාර්ලිමේන්තු බලය ලැබෙනවා නම්. මෛත්රී මේ එන්නේ ඊළඟ ගුණ්ඩුවට. මොලේ පාවිච්චි කරන්න වෙයි.
Reply : 0 0
Champa Thursday, 21 February 2019 11:37 PM
වටේට ඇන්ටනාව කැරකෙව්වහම තේරෙන්නේ 2015 හංස පූට්ටුව ආයේ ඇති වේගෙන එනව කියලා. මෛත්රී යන්නේ යන යකා කොරහ බිඳගෙන නෙමෙයි යූඑන්පී එකෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරගෙන තමන්ගේ ඉතුරු කාලෙකට තමන්ව අගැමති ධූරයටත් පත් කර ගන්නත් කැමති කරවාගෙන. ගෙදර යන්න ඉන්න යූඑන්පී එක ඕනේ එකකට කැමති වෙයි. JVP TNA එකත් කැමති වෙයි. හිටපු ජනාධිපතිතුමාට දෙන අවවාදයයි. කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේම සර්පයන්ට කිරි පෙව්වට එවුන් කිරි පොවන අතටම දෂ්ඨ කරනවා. දැන්වත් ඔය හතර අතේ බෙදිච්ච තමන්ගේ පිරිස එකතු කරගන්න පොහොට්ටුව යටතේ නෙමෙයි. පොහොට්ටුව, බැසිල් සහ ගෝඨාභය නිසා තමයි බෙදීම ඇති වුනේ. නැවත සමගි වෙන්න ඒකාබද්ධ විපක්ෂය විදිහට. මතක නැත්ද 2015 කොච්චර් එකමුතුව හිටියද කියලා. මොකොද ඔය පැත්ත බෙදිලා ඉන්න කොට අනිත් පැත්ත දන්නෙම නැතුව යටින් සමගි වෙලා නොහිතු දේ වෙන්න පුළුවන්. එහෙම කියන්නේ මෛත්රී ගේ ගැලරි කතා එකකට එකක් වෙනස් වීගෙන එන නිසා. අසමගි වෙලා අන්තිමට මුළු රටම අමාරුවේ දාන්න එපා. මම මේක බොහෝ කලිනුත් කියලා තියෙනවා. රනිල් මෛත්රී යූඑන්පී කවුරුවත් ලේසියෙන් බලය ඇතඅරයි කියලා හිතන්න එපා. පරණ track එකට එන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

