විදේශ මුදල් තොගයක් සිංගප්පුරුවට රැගෙන යාමට තැත් කිරිමේදි සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (30) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ දින දහවල් 12.45 ට සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ වූ ඇදුම් අතර , පත්තර කොළ වලින් ඔතා මෙම විදේශ මුදල් තොගය සඟවා ගෙන තිබුණි .
එහි ඇමෙරිකානු ඩොලර් 22,000 ක් සහ සිංගප්පූරු ඩොලර් 381ක් තිබූ අතර , ඒ මුදල් සියල්ලේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම 39,65,530ක් බව රේගුව පවසයි .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සහකාර රේගු අධිකාරීවරුන් වන ඩිලාන් වීරරත්න , උමංගා ද සිල්වා , වාසනා රෑබසිංහ , පසන් ගමගේ , මංජුලා සූරියආරච්චි , ඕසද කටුවාවල , චරිත් සුරංග , දිලේකා තෙන්නකෝන් , රේගු අධිකාරීවරුන් වන යූ.කේ.ටී.ජයවර්ධන , ඒ.සී.එන්.සබ්රි යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම විදේශ මුදල් සියල්ල රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

