කිසිඳු රටක විදේශීය හමුදාවක් කිසිඳු අවස්ථාවක කිසිඳු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපතිධූරයේ සිටින තුරු කටයුතු නොකරන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01දා) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.
රටේ අඩුආදායම්ලාභි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවමින් දිළිඳු බව තුරන් කිරීමට රජය ගත් පියවර රැසක් අතර ලක්ෂ 14 ක් වන සමෘද්ධිලාභින්ගේ ප්රමාණය ලක්ෂ 20 ක් දක්වා ඉහළ නැංවීමට රජය මේ වසරේ තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
