විජයදාසට ඇමතිකම් හා වරප්‍රසාද නෑ - ෂෙහාන්
වරාය නගරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ රාජපක්ෂ මහතා විසින් පෙන්වා දුන් කාරනා සියල්ල සාවද්‍ය කාරනා බවත් මේ වන විට එය රජයක් ලෙස වත්මන් රජය සත්‍ය ලෙසම ඔප්පු කර ඇති බවත් සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
විජයදාාස රාජපක්ෂ මහතා මෙවැනි ප්‍රකාශ සිදු කරමින් නැවත උත්සහ දරන්නේ පැති මාරු කිරීමේ තවත් අරමුණක් ඉටු කර ගැනීමට මාර්ගය සලසා ගැනීමට බවද ඔහු සඳහන් කළේය.
“මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම කෙනෙක් විරෝධතාවයක් නෑ. මේ පිළිබඳ විරෝධතාවයක් දක්වන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් අපි දකින්නේ ඒ කෙනා මේ රටේ තියෙන දුප්පත්කම , ආර්ථික වශයෙන් තියෙන පසුබෑම එහෙමත් නැත්නම් මේ රට ඉදිරියට යෑම වලක්වලා තමන්ගේ පුද්ගලික පරමාර්ත වෙනුවෙන් ඒක තමන්ගේ ජීවන උපාය හැටියට කරගන්න අයට විතරයි මේ විරෝධතාවය ප්‍රකාශ කරන්න පුලුවන් වෙන්නේ.
මේ රටේ හැරවුම් ලක්ෂය අරගෙන එන්නේ මෙතනින්. ඒකට අකමැති කණ්ඩායම් විරෝධතා දක්වනවා අද අපට පේන්න තියෙනවා. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහතා විසින් පෙන්නලා දීපු කාරනා සියල්ල අද සාවද්‍ය කාරනා කියලා අපි සත්‍ය වශයෙන්ම ඔප්පු කරලා තියෙනවා.
එතුමාගේ පරමාර්තය එතුමාගේ දේශපාලනය පුද්ගලික වශයෙන් පැති මාරු කිරීමේ තවත් අරමුණක් එක්ක එතුමා ඒ ප්‍රකාශය කරලා තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් එතුමාට ඇමතිකම් ලබා දෙන්නවත් , වරප්‍රසාද ලබා දෙන්නවත් රජයක් හැටියට අපි සූදානම් නෑ.ඒ නිසා රටට ද්‍රෝහීකමක් කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහිකම තමයි මේ ක්‍රියාත්මක වෙන්න හදන පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ තමන්ගේ මතය ප්‍රකාශ කිරීම.”

popular news
-
Demuni Uduwara Tuesday, 20 April 2021 02:19 AM
Mr. State Minister, Can you explain the contents of your " "Turning Point " by one by one for our education.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 20 April 2021 09:49 AM
අත දරුවෙක් අඬන්නෙ හැම විටම කිරි තිබහට නෙවෙයි, ඒත් අඬන වෙලානට තන පුඩුව කටට ඔබල ඇඬීම නවත්තන්න පුළුවන් කියලවත් නෝන තමුන්ට කියල දුන්නෙ නැද්ද? දැන් ව්‍යවස්ථාවෙ ඇමතිකම් ගණන සීමා කරල නැති එකේ එතුමාට පිදුමක් කරල නිහඬ කරන්නෙ නැත්තෙ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

