වෑන් රථයක් දුම්රියේ ගැටි පුද්ගලයෙක් මරුට - කතකට තුවාල
කුරුණෑගල පොලිස් වසමේ බෝගමුව , මල්පිටිය අතුරු මාර්ගයේ නයිලිය දුම්රිය හරස් මාර්ගයේදි කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වු නගරාන්තර ශිඝ්රගාමි දුමිරිය ,බෝගමුව ප්රදේශයේ සිට මල්පිටිය දක්වා ගමන් ගත් වෑන් රථයක් ගැටි දුම්රිය අනතුරක් සිදු වි ඇත.
දුම්රිය ගමන් ගන්නා බවට විදුලි ආලෝක හා විදුලි සීනුව නාද වෙමින් තිබියදි වැන් රථය දුමිරිය හරස් මාර්ගය හරහා ධාවන කිරිම හේතුවෙන් මෙම අනතුරු සිදු වි ඇති අතර වෑන් රථය දුම්රියේ ගැටිමෙන් පසු මිටර් 200ක් පමණ දුරට ඇඳි ගොස් තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු සමඟ ඔහුගේ සහෝදරියද ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාම බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමේදි වෑන් රථයේ රියදුරු මියගොස් ඇත. තුවාලකාරිය කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
මරණකරු වයස අවු 22ක් වු රත්මලගහපිටියවත්ත , කහපත්වල , මාවතගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. කුරුණෑගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
