මේ දිනවල රට තුළ බොහෝ ප්‍රදේශවල වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම රට තුළ සුළං හමන රටාව සමග ඉදිරියේදී උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවිය හැකි බවත්, උදෑසන සහ රාත්‍රී කාලයේදී සීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපරේතමේන්තුව ප්‍රකාශ කළේය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මඳ වැසි ඇති විය හැකි අතර, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ගාල්ල, මාතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනෙකුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසා සිටියේය.
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එල්. චන්ද්‍රපාල මහතාගෙන් %අද^ කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ,