වැසි තත්ත්වය තවදුරටත්
දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව හා මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද රාත්‍රී කාලයේ සිටි (විශේෂයෙන් දෙසැම්බර් මස 04 දා හ 05 දා) වැඩිවේයැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව හා දකුණු පළාත්වල හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් උතුරුමැද, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල හා මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

