වැලිකන්ද, මහින්දාගම ප්රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබි විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද (18) දින හමු වූ බව වැලිකන්ද පොලීසිය පවසයි.
මෙම අත්බෝම්බ කවුරුන් ගෙනදැමුවේද යන්න සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය පවසයි.
පසුගිය යුදසමයේ ත්රස්තවාදීන් විසින් රැගෙනවිත් අත්හැරදමන ලද ඒවා විය හැකියැයි පොලීසිය සැක පළ කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්රීය අංශය මගින් මෙම බෝම්බ නිෂ්ක්රීය කර විනාශ කිරිමට පියවර ගන්නා බව විමර්ශන කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත එය සොයා ගැනීමට හැකි වි ඇත.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
