අම්බලන්ගොඩ, කුලී ගොඩ හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර්වරයා වන අවුරුදු 44ක් වන රුවන් තිහාර ජයරත්න යන අයයි.
අද සවස මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
