වාහන නවත්වන ලෙස සංඥා කළොත් වාහන නවත්වන්න
මාර්ග බාධකයදී හෝ වෙනත් ස්ථානයකදී වාහනයක් නවත්වන ලෙස ආරක්ෂක අංශ සංඥාකළහොත් වාහනය නවත්වා ආරක්ෂක අංශවලට සහයෝගය දක්වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේදිනවල දිවයින පුරා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සෝදිසි මෙහෙයුම්වලට අමතරව ක්ෂණික මාර්ග බාධක යෙදවීමට කටයුතු කරන බවත්, මේ සියලු කටයුතු කරනුයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් පැවසූ ඒ මහතා, එබැවින් මෙම කටයුතු සඳහා ජනතාවගේ උපරිම සහයෝගය බලාපොරොත්තුවන බවද පවසා සිටියේය.
පසුගියදිනක වත්තල, හුණුපිටිය ප්‍ර‘දේශයේ පිහිටි මාර්ග බාධකයකදී වාහනයක් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
shan Tuesday, 14 May 2019 10:33 AM
ඔබ තුමාට යමක් කිව යුතුය වාහන නවත් වන්න අණ කලොත් එය ජනතාව ඉටු කරවී නමුත් දැන් තියන් තත්වය අනුව හමුදා පොලිස් ඇදුම් රටපුර හමුවෙනවා අවි ආයුද හමුවෙනවා මේ දේවල් තාමත් ඔඋන් ඇත තිබෙනවා රටේ නගරයෙන් පිට පළාත්වල මාර්ගවල ත්ර්ස්තවදීන්ටද මෙය කල හැකී එවිට ඔඋන් වාහන නවතා සිංහලයන් ගතන කරන්න පටන් ගත්තොත් කොහොමද ජනතාව බේරෙන්නේ ඒ නිසා නියම ආරක්ෂක නිලදරෙන්ගේ මුර කපොල්ලක් ලෙස හදුනා ගන්න පිළිවෙල කුමක්ද කියා ජනතාවට පහද දෙන්න මෙය අතීතයේ කොටි කල බව හොදින් මතක තබා ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

