ඇතැම් වංචනික පුද්ගලයින් සහ කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයුතු වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට සාක්ෂි සහිත තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විවිධ තනතුරු, පත්වීම්, ටෙන්ඩර් ආදිය ලබා දීමට උදවු කළ හැකි යැයි ඔවුහු ජනතාවට පවසන බවත් මෙවැනි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ජනාධිපතිතුමාට බලපෑම් කිරිමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කළ අවස්ථාද දැන ගැනීමට ලැබි ඇත.
ජනාධිපති රාජපක්ෂ මහතාගේ ස්ථිරසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරිමය. පටිපාටියෙන් බැහැරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්රදානය කිරිම සඳහා එතුමා පොළඹවා ගැනීමට කවරෙකුට හෝ නොපිළිවන.
එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට කාරුණිකව දැනුම් දෙයි.
ජනාධිපතිතුමාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත් කරන අයට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගනු ලැබේ.
