වාස්ගේ පුතා තවත් මාස 3ක් රිමාන්ඩ්
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගොස් ඝාතනය කර මරා දැමූ බවට චෝදනා ලැබ සිටින හිටපු DIG වාස් ගුණවර්ධනගේ පුත්‍රයා තවත් මාස 3ක් රිමාන්ඩ් බාරයේ තබාගැනීමට එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (06දා) අවසර දුන්නේය.
වසරක කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි රවිඳු වාස් ගුණවර්ධන තවත් මාස 3ක් රිමාන්ඩ් බාරයේ තබාගැනීමට අවසර ලබාදෙන්නැයි නියෝජ්‍ය සෙලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල එලෙස අවසර දුන්නේය.
රෝහිණී වල්ගම (සභාපතිනි) ලලිත් ජයසූරිය සහ ලියොන් සෙනෙවිරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial AT Bar) විසින් එලෙස අවසර දෙන ලදී.
මෙම නඩුව විභාග කිරීමට නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බවට විත්තියෙන් ඉදිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

