වාලච්චේන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පොලිස් නිලධාරියාගේ මළ සිරුර ඔහුට අයත් ඉඩමක් ආසන්නයේ තිබී පසුගිය 06 දා පෙරවරුවේ සොයාගත් අතර සැකකරුවන් එදිනම සවස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 31 හා 38 ක් වන සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරියාට අයත් ඉඩමේ මත්පැන් පානය කරමින් සිටින විට පොලිස් නිලධාරියා හා සැකකරුවන් අතර සිදුවු බහින් බස් වීමකින් පසුව මෙම ඝාතනය සිදුව තිබේ.