පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද ( 4 ) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මල් වඩමක් තබා ගොස් තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ බෝම්බ ප්‍රහාරය එල්ල වි ඇත්තේ සිරම්භිඅඩිය කේ .ඒ .දමිත් නිරෝෂන් නැමති අයකුගේ නිවසට බව පැවසේ.
අද දින අලුයම 1.50 පමණ යතුරු පැදියකින් පැමිණි පිරිසක් මල් වඩමක් ගෙට්ටුව ඉදිරිපිට තබා ඉන් පසුව බෝම්බ ප්‍රහාරය එල්ල කර පළා ගොස් තිබු අතර එහිදි නිවසේ ව්‍යාපාරිකයා හා ඔහුගේ බිරිඳ , දරුවන් නිවසේ නිදා ගෙන සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැති බව පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින් පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ ප්‍රධාන දොරට හා ප්ලාස්ටික් පුටු කිපයකට හානි සිදුව ඇති අතර බෝම්බ ප්‍රහාරය එල්ල කළ පිරිස හඳුනා ගැනිමට පොලීසිය පරික්ෂණ අරඹා තිබේ .
පුත්තලම - හිරාන් ප්‍රියංකර
