තලවකැලේ නගරයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන ලද බවට තොරතුරු ලැබීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු අද (14) නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලවකැලේ පොලීසිය විසින් පියවර ගෙන තිබිණි.
තලවකැලේ නගරයේ රජයේ වෛද්‍යවරයෙකු විසින් පවත්වාගෙන යන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක මෙම සැකකරු වසරක පමණ කාලයක සිට රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන බවට තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතාට ලැබුණු පැමිණිලි මත ඊයේ (13) සවස මෙම පුද්ගලයා පොලීසියට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම පුද්ගලයාගෙන් ප්‍රතිකාර ලබා ගත් අයෙකු මේ වනවිටත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන ලද සේවිකාවකගෙන්ද පොලීසිය ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
මුස්ලිම් ජාතික පුද්ගලයෙකු තලවකැලේ නගරයේ ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට නොයෙක් ප්‍රතිකාර මෙන්ම ගබ්සාවන් සිදු කිරීම වැනි නීතිවිරෝධි ක්‍රියාවන්ගේ නිරතව සිටින බවට තලවකැලේ ප්‍රදේශයේ රජයේ වෛද්‍යවරුන් හත් දෙනෙකු විසින් මේ පිළිබඳව මීට ප්‍රථම පොලිස්පතිවරයාටද ලිඛිතව දැනුම්දීමටද පියවර ගෙන තිබිණි.
